කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි

Image
  ඇඟේ ගල් ගැටගසා වතුර දමා තිබූ මළ සිරුරක් කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී සොයාගෙන ඇත. අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය. දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත. මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ජනපතිගේ ජපන් සංචාරය අදින් ඇරඹේ

 




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.

තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත.

ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.


Comments

Popular posts from this blog

කාසියේ වාසිය ඉන්දියාවට

බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි