කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි

Image
  ඇඟේ ගල් ගැටගසා වතුර දමා තිබූ මළ සිරුරක් කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී සොයාගෙන ඇත. අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය. දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත. මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට


ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරින්ට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අද (28) දිනයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

නීති විරෝධී ලෙස මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බව සඳහන්වේ.

මෙහිදී ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් සොයාගෙන ඇත.

රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචිකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුක්තකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



 




Comments

Popular posts from this blog

කාසියේ වාසිය ඉන්දියාවට

කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි