Posts

කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි

Image
  ඇඟේ ගල් ගැටගසා වතුර දමා තිබූ මළ සිරුරක් කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී සොයාගෙන ඇත. අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය. දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත. මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

කාසියේ වාසිය ඉන්දියාවට

Image
  ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. Direct Link — otieu.com/4/9946111 Open or preview this link Target: https://otieu.com/4/9946111 https://otieu.com/4/9946111 Copy Open here Open in new tab Open with system Toggle preview If the site blocks embedding, the preview may be blank or show an error. Use "Open in new tab" to view directly. Quick actions You can copy the URL, open it here, open in a new tab, or open externally from your device. Generated: Simple link helper • Save this file and open in any browser.

එළැඹෙන අයවැයෙන් නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂා කරනවා

Image
  මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බව නාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ ගොඩනැඟෙන ආර්ථිකයෙහි, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බවත් එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට අද (28) පස්වරුවේ ටෝකියෝ හි  Reiyukai ශාලාවේදී එක් වෙමිනි. එමෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහු පැවසුවේ ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසටය. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ...

බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

Image
ව්‍යා ජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරින්ට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අද (28) දිනයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. නීති විරෝධී ලෙස මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බව සඳහන්වේ. මෙහිදී ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් සොයාගෙන ඇත. රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචිකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුක්තකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  

නා උයන ආරණ්‍ය සෙනසුනේ අපවත් වූ හිමිවරුන්ගේ භූමදාන පූජෝත්සවය අද

Image
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී අනතුරකට ලක්වීමෙන් අපවත් වී වදාළ හිමිවරුන්ගේ දේහ පිළිබඳ භූමදාන පූජෝත්සවය අද (27) පස්වරුවේ සිදුකෙරේ. භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක්  ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ සිටී. මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වැනිදා අපවත් වූහ. පූජ්‍ය රුමේනියාවේ ධම්මරන්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේෂි හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි යන භික්ෂූන් වහන්සේ මෙලෙස අපවත් වූහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ (26) රාත්‍රියේද, සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේද මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ අපවත් වූ භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වූහ.  මේ අතර  අපවත් වී වදාළ ඉන්දියානු සහ රුමේනියානු හිමිවරුන්ගේ දේහ එම හිමිවරුගේ ඥාතීන්ගේ ඉල්ලීම මත මහ කොමසාරිස් ක...

ජනපතිගේ ජපන් සංචාරය අදින් ඇරඹේ

Image
  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය. තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත. ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

Popular posts from this blog

කාසියේ වාසිය ඉන්දියාවට

බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි